Friday, September 13, 2013

රත්තරනෙ මම නුඹෙයි



රහසින්ම වෙන හිතක් හොරෙන් ඉඟි පානවා

ඉවසාන මම තවම ඔබට පෙම් කරනවා

කියාපන් ඒ හිතට මගේ හිත ඉකි ගසනවා

නොලැබුනත් මට නුඹව සදා මම පෙම් කරනවා ...



වස්සානේ ලං වෙලා අහස කළු කරනවා

වැස්ස නොව මගේ නෙත වහින්නට හදනවා

මෙච්චරම දුන් පෙමට නොහැඟී සේ ඉන්නවා

රත්තරනේ මම නුඹෙයි, නුඹත් එය දන්නවා ...

Thursday, September 12, 2013

මගේ සෙනෙහේ ...



සංසාරයේ මගෙම වී ඉන්නැති එනිසාම දුටු දාම හිත යන්නැති දැන් හිතට නවතින්න දුක වෙන්නැති දුක කදුලු වී නෙතට එන්නට ඇති....

හැමදාම සිත් මලට දුක උරුමැති එනිසාම මිරිඟුවට හිත යන්නැති කම් නොමැත සැප කුමට ඔබ ලග නැති හැමදාම මේ සෙනෙහෙ පවතිනු ඇති. . . .

Sunday, September 8, 2013

ඒ.ඇති.මට මියෑදෙන්න






මලානික වූ හිරු එළියත් 

වගෙයි මාලානික වූ වතත් 

දුන්නු නුඹේ සිනහ පොදත් 

වගෙයි මෙමට මහ මෙරත් ඒත් කියන්නද කෙලෙසින් 


උන්නේ ටික දොහයි සෙනෙහෙන් 

යන්න හදයි මිදී මගෙන් 

මා කල ඒ වරද කියන් මගේ දුකට ලගින් උන්න 

සිනහ වෙන්න කියා දුන්න 


නුඹ ගේ දුක් ගිනි නිවන්න 

බැරිද කියන් ඉඩක් දෙන්න මාත් එක්ක හොදින් ඉන්න 

ඒ ඇති මට හිනා වෙන්න 

ඉඩ දෙන් මට සෙනෙහෙ දෙන්න 

ඒ ඇති මට මිය ඇදෙන්න
........

Saturday, September 7, 2013

ඇරඹුමක සටහන ...








....

විඩාපත් වූ ජීවිතෙන්

සිතට එන සිතුවිලි වලින්

මදක් මුහු කොට ගලපමින් 

අකුරුවැල් ගෙන අමුණමින්

තාල දාල සරසමින් 

ලියා තබනෙමි මේ ලෙසින් 

නිශා යාමය නම් ලෙසින්
..............