Friday, September 13, 2013

රත්තරනෙ මම නුඹෙයි



රහසින්ම වෙන හිතක් හොරෙන් ඉඟි පානවා

ඉවසාන මම තවම ඔබට පෙම් කරනවා

කියාපන් ඒ හිතට මගේ හිත ඉකි ගසනවා

නොලැබුනත් මට නුඹව සදා මම පෙම් කරනවා ...



වස්සානේ ලං වෙලා අහස කළු කරනවා

වැස්ස නොව මගේ නෙත වහින්නට හදනවා

මෙච්චරම දුන් පෙමට නොහැඟී සේ ඉන්නවා

රත්තරනේ මම නුඹෙයි, නුඹත් එය දන්නවා ...

4 comments:

  1. ලස්සනයි. මට කියන්න ඕනේ හරිම වචනේ ලස්සනයි කියල නෙමෙයි. ඒත් හිතට ගොඩක් දැනුණා. අහම්බෙන් ඇස ගැටුණු මේ පද වැල පැරණි මතකයන් අලුත් කළා. ඇත්තටම ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  2. රත්තරණේ මම නුඹෙයි නුඹත් එය දන්නවා.....

    ReplyDelete
  3. මේ දවස්වල මටත් ගැලපෙන පදපේලියක් :(

    ReplyDelete
  4. මුහුදෙ ඉන්නෙ එක මාලුවද කියල කට්ටිය අහනව.....
    හැබැයි මම මාලු අල්ලන්නෙ කන්නවත් ඇතිකරන්නවත් නෙමෙයි
    අල්ලගන්න මාලුවත් එක්ක ජීවිත කාලයක් පුරාවට
    එකට ඉන්න කියන එක එයාල දන්නෙ නැතුව ඇති
    ඒක නිසා මට ඔය තෝරු මෝරු වැඩක් නෑ
    මම කැමති හාල්මැස්ස මට ඇති

    ReplyDelete